Copyright 2018 - https://www.viwahaya.com

පුද්ගලිකත්වය පිළිබඳ ප්‍රතිපත්තිය

01.   විවාහය.com (www.viwahaya.com) වෙබ් අඩවිය විවාහ යෝජනා හැර වෙනත් දැන්වීම් පළ කිරීම සඳහා භාවිතා නොකළ යුතුය.

02.   ඔබ විසින් පළ කරනු ලබන හෝ පළ කිරීම සඳහා අපගේ නියෝජිතයෙකු වෙත ලබා දෙන මංගල යෝජනා, ඔබගේ හෝ ඔබ   හොඳින් හඳුනන අයෙකු ගේ ම විය යුතු අතර, ඔබ, යෝජිත පුද්ගලයාගේ මව, පියා, භාරකරු හෝ පවුලේ සාමාජිකයෙකු නොවන්නේ නම්, එම යෝජිත පුද්ගලයාගේ අනුදැනුමකින් තොරව මෙම වෙබ් අඩවියේ පළ නොකළ යුතුයි.

03.  මෙම වෙබ් අඩවියේ අශ්ලීල ඡායාරූප, අසභ්‍ය ප්‍රකාශ ආදිය පළ නොකළ යුතු අතර මෙම වෙබ් අඩවියේ පළ කර ඇති මංගල යෝජනා සඳහා කුමන ආකාරයකින් හෝ පිළිතුරු ලබා දීමක් හෝ විමසීමක් සිදු කිරීමේ දී හෝ එවැනි අශ්ලීල ඡායාරූප, අසභ්‍ය ප්‍රකාශ ආදිය භාවිත නොකළ යුතුයි.

04.   මෙම වෙබ් අඩවියේ පළ කර ඇති මංගල යෝජනා සඳහා කුමන ආකාරයකින් හෝ පිළිතුර ලබා දීමක් හෝ විමසීමක් සිදු කිරීමේ දී සත්‍ය හා නිවැරදි තොරතුරුම හෙළිදරව් කිරීමට ඔබ බැඳී සිටී.

05.  මෙම වෙබ් අඩවිය හරහා එකිනෙකා හඳුනා ගනු ලබන විවාහ අපේක්ෂකයින් විසින් විවාහය සිදු වීමට හෝ ස්ථිර වශයෙන්ම තීන්දු වීමට පෙර, එකිනෙකා අපහසුතාවයට පත් වන ආකාරයේ කිසිදු මූල්‍යමය හෝ මූල්‍යමය නොවන ආකාරයේ ගනුදෙනුවලට නොඑළඹිය යුතුයි.

06.  මෙම වෙබ් අඩවිය හරහා එකිනෙකා හඳුනා ගනු ලබන විවාහ අපේක්ෂකයින් විසින් විවාහය සිදුවීම හෝ ස්ථිර වශයෙන්ම තීන්දු වන තෙක් අන්‍යොන්‍ය ගෞරවය ආරක්ෂා වන පරිදි ක්‍රියා කිරීමට එකඟ විය යුතුයි.

 

 

f t g m

Online

We have 94 guests and one member online

Hotline

0712860888 / 0771699949

Translate


Pay Now

Subscriptions
Username

Pixel